මොරටුව, කටුබැද්ද විශ්වවිද්‍යාලයේ රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු අංශයට අයත් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ හටගෙන තිබූ හදිසි ගින්නක් මොරටුව මහ නගර සභාවේ සහ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවන රථ 05 ක් යොදාගනිමින් නිවා දැමිණි.
ගින්න හේතුවෙන් ගොඩනැගිල්ලට හා එහි තිබූ උපකරණවලට හානි සිදුව ඇති අතර, සිදුව ඇති පාඩුව මෙතෙක් ගණනය කර නොමැත.
ගින්න සම්බන්ධයෙන් මොරටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.