මොරගහකන්ද ජලාශයේ වේල්ලේ වැඩ අද (31දා) අවසන් වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මහින්ද අමරවීර මහතා නිල වශයෙන් වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා සඳහන් කළේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ කිසිදු විෂයක වෙනස්වීමක් සිදුනොවන බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී ආරම්භ කරන වන මහවැලි සංවර්ධන ව්‍යාපෘති සියල්ලම පවසරන බවත් එම ව්‍යාපෘතියන්හි වටිනාකම රුපියල් බිලියන 2000ක් පමණ වෙන බවත් ජනපතිවරයා සඳහන් කළේය.