මේ වන විට වැඩ අවසන් වෙමින් පවතින මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ල නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇතැයි එහි ව්‍යාපෘති කාර්යාලය සඳහන් කරයි.
මෙතෙක් ජලාශයට පිටතින් වූ නැරඹුම් මධ්‍යස්ථානය පමණක් මහජනතාවට විවෘතව පැවති අතර ප්‍රධාන වේල්ලේ මුල කොටස පමණක් එහිදී නැරඹීමට අවස්ථාව හිමි විය.
මේ වන විට ප්‍රධාන වේල්ලේ වැඩ කටයුතු සියයට අනූවකටත් වඩා අවසන් බැවින් ප්‍රධාන වේල්ල ද මහජනතාවට දැක ගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇතැයි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පී.ජී. දයානන්ද මහතා අද (10දා) සඳහන් කළේය.
ඒ අනුව පස්, කළුගල් මෙන්ම කොන්ක්‍රීට් වේලි 03 එකවර නැරඹිය හැකි එකම ජලාශය බවට මෙය පත්ව ඇත. මෙහි ඉදිකර ඇති විදුලි බලාගාරයෙන් මෙගාවොට් 25 ක විදුලි ධාරිතාවක් ජතික විදුලිබල පද්ධතියට එක්කිරීමට ද නියමිතය.
නාඋල - ඉන්දික අරුණ කුමාර