ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් 62 හැවිරිදි ද්‍රවිඩ කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (04දා) අත්හිටවූ සිරදඬුවමක් හා දඩ මුදල් නියම කළේය.
ඒ අනුව වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එම දඬුවම වසර 10ක කාලයකට අත්හිටුවීමට නියම කළ අතර ඊට අමතරව රුපියල් 25,000ක දඩමුදලක් ගෙවන ලෙසද නියම කළේය.අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් ඇයට මාස 06ක සිර දඬුවමක් ද නියම කළේය.
2008 වසරේ මාර්තු මස 15දා බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, අදාළ ප්‍රහාරයට පැමිණි මරාගෙන මැරෙන කොටි සාමාජිකාවක වූ බෝම්බකාරියට නවාතැන් ලබාදීම ඇතුළු චෝදනා මත නීතීපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබුණි.