සිය 241ක් වැනි නිදහස සමරන ඇමෙරිකා එක්සත් ජනපද වැසියන්ටත්, ජනපති ඩොනල්ඩ් ට්රම්ප් මහතාට සුබ පැතුම් එක්කරමින් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ජනපති ඩොනල්ඩ් ට්රම්ප් වෙත ලිපියක් යොමුකර තිබේ.
අද (04දා) ඇමෙරිකාව සිය 241 වැනි නිදහස සමරයි. මෙහිදී ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ ඩොනල්ඩ් ට්රම්ප් මහතාගේ නායකත්වය යටතේ ශ්රී ලංකාව හා ඇමෙරිකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වෙනු ඇති බවයි.
එසේම තමා විසින් නායකත්වය ලබාදෙන සම්මුතිවාදී රජය යටතේ ඇමෙරිකාව හා ශ්රී ලංකාව අතර පවතින සබඳතා නව මානයක් කරා පැමිණ ඇති බවත් මෛත්රී ජනපතිගේ ලිපියේ සඳහන් වෙයි.