මෙගා සංවර්ධන ව්‍යාපෘති තුළින් රට විනාශයට පත්වන බැවින් මෙගා ව්‍යාපෘති වහාම නවතා දැමිය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
රට සංවර්ධනය කිරීම සැබෑ ලෙසම සිදුකරන්නේ නම් එය පරිසර හිතකාමී ලෙස කුඩා සංවර්ධන ව්‍යාපෘති ලෙස සිදුකළ යුතු බවද උන්වහන්සේ පවසා සිටියහ.
මෙගා ව්‍යාපෘති හරහා විශාල ගොඩනැගිලි, මහා මාර්ග ඉදිවන විට අනෙක් පැත්තෙන් ඊට වඩා විනාශයක් සිදුව තිබෙන බවද රතන හිමියෝ අවධාරණය කළහ.