නිලාවේලිහි මුහුදු වෙරළේ දිය නාමින් සිටි පුද්ගලයන් සිවුදෙනෙකු දියවැළකට හසුව ගසාගෙන යන විට පොලීසිය මැදිහත්වී ඔවුන්ගේ ජීවිත බේරාගෙන තිබේ.
ඊයේ (03දා) සවස මෙම අනතුරු සිදුව තිබේ. පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් වෙරළ ආරක්ක නිලධාරීන්ගේද සහාය ගෙන මෙම පුද්ගලයන් බේරා ගන තිබේ.
දියේ ගිලීමට ලක්ව ඇත්තේ අවුරුදු 21ත් 28ත් අතර පසුවූ ත්රිකුණාමලය සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකි.