මුහුදු යන්නේ පරිස්සමෙන්
ඉදිරි දින කිහිපයේදී දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය වැඩිවන ලකුණු පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. විශේෂයෙන් 15-16 දින වල මෙම තත්වය වැඩිවිය හැකි බවත් එබැවින් ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
එමෙන්ම දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රීක්ක වලද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ කාලගුණ අනාවැකියේ සඳහන්ය.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් තවද දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ සහ දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

