මුලතිව්, ආලම්පීලි, ආනන්දපුරම් ප්‍රදේශයේදී යුද සමයේදී වළ දැමූවයි පැවසෙන රත්තරන් ගොඩගැනීමට ගිය 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ (27දා) අලුයම් කාලයේ මුලතිව් පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මෙම සැකකරුවන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුලතිව් මහේස්ත්‍රාත් එම්. සම්සුධීන් මහතා විසින් සැකකරුවන් ලබන මැයි 02 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
මෙම පිරිස අදාළ ස්ථානයේ අඩි 12ක් පමණ හාරා ඇති අතර, පළමුව මුලතිව් යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ ස්ථානයට ගොස් විමසීමේදී සැකකරුවන් පවසා ඇත්තේ තමන් පොලිස් නිලධාරීන් බවත්, අධිකරණ නියෝගයක් මත අදාළ ස්ථානයේදී කැණීම් සිදුකරන බවත්ය.
පසුව මේ බව මුලතිව් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ කළුවර පවතින අවස්ථාවක අධිකරණ නියෝගයකින් කැණීම් කිරීම පිළිබඳව සැකපහළ වී සැකකරුවන් පරීක්ෂා කිරීමේදී ඔවුන් ව්‍යාජ පොලිස් නිලධාරීන් බවටත්, රත්තරන් ගොඩගැනීමට උත්සාහ දැරීම නිසා එම පිරිස් හා සැකකරුවන් පැමිණි වාහනයද එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, බොරැල්ල හා මුලතිව් මුල්ලියාවෙලි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර, මුලතිව් පොලීසිය වැඩිදුර පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.