මුතුරාජවෙල පිහිටි ඉඩමකට කසළ බැහැර කළත් එයට මිනිස් ශරීර අවයව බැහැර කරන බවට කිසිඳු සාක්ෂියක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේය.
දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (04දා) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. දිනේෂ් ගුණවර්ධන මහතා කසළ බැහැර කිරීම පිළිබඳව මෙන්ම මුතුරාජවෙලට මිනිස් ශරීර අවයව බැහැර කිරීම පිළිබඳව ප්‍රශ්න කර සිටියේය.