මීරිගම ප්රදේශයේ පෞද්ගලික බැංකුවකින් මැයි (26දා) රුපියල් ලක්ෂ දහඅටකට වැඩි මුදලක් පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (06දා) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
අතුරුගිරිය, පන්නිපිටිය, හෝමාගම යන ප්රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් 41,44,49 වියේ පසුවන්නන් බවද පොලීසිය පවසයි.
මොවුන් සන්තකයේ තිබූ ගිනි අවි දෙකක්, උණ්ඩ තොගයක්, පැහැරගන්නා ලද යතුරු පැදියක්, රුපියල් 140000ක මුදලක්, ජංගම දුරකථන 05ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අද (07දා) අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.