මීගහකිවුල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අකුරුකඩුව හිඟුරුගොඩ රක්ෂිතයට අද ( 06දා) කිසියම් පිරිසක් ගිනි තබා ඇති අතර, මේ වන විටද ගින්න පැතිර යමින් පවතින බව කන්දකැටිය පොලීසිය පවසයි.
ගින්න පැතිර යාම හේතුවෙන් රක්ෂිතයේ මේ වනවිට අක්කර පහක පමණ ප්රදේශයකට හානි සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මීට දින දෙක තුනකට පෙරද මෙම රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබා තිබූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය
මීගහකිවුල - එන්. කේ. නිශ්ෂංක