මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සිවුදෙනෙකු අද (30දා) අලුයම් කාලයේ එහි ඉදිකර තිබූ උස තාප්පය සිදුරු කර බන්ධනාගාරයෙන් මිදී පලාගොස් ඇතැයි මීගමුව මූලස්ථාන පොලීසිය පවසයි. මෙලෙස පලාගොස් ඇතැයි පැවැසෙන පිරිස විවිධ අපරාධ නඩු සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන් බව පොලීසිය සඳහන් කරයි.
මෙම රැඳවූවන් පිරිස අලුයම් කාලයේ දැඩි වර්ෂාව පවතින අවස්ථාවක තාප්පයේ පහළ කොටසක් ආයුධයක ආධාරයෙන් සිදුරු කර ඉන් පිටතට පැමිණ ප්‍රධාන ගේට්ටුව අසලින් වැටී ඇති මාර්ගයක් හරහා පලාගොස් ඇති බවට කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ විශේෂ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති සමන්තිලක වැලිවිට මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සීදූව ප්‍රසාද් මුතුකුඩ