ලෝක ජනගහනයෙන් මිලියන 45ක් නූතන වහලුන් බවට පත්ව ඇති බවත්, ඉන් තුනෙන් දෙකක් ආසියානුවන් බවත් 2016 ගෝලීය වහල්භාවය පිළිබඳ දර්ශකය පවසයි.
ඔස්ට්‍රියාව කේන්ද්‍ර කරගත් වෝක් ෆ්‍රී පදනම විසින් ඉදිරිපත් කරන මෙම දර්ශකයට අනුව, නූතන වහලුන් ලෙස ගැනෙන්නේ බියවැද්දීම, ප්රචණ්ඩත්වය, බලහත්කාරය, අපයෝජනය සහ බලෙන් හෝ මුලාවෙන් අපයෝජනය කිරීම හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට හෝ නිදහස් වීමට නොහැකිව සිටින පිරිසයි.
එහිදී, ණය ගෙවීමට නොහැකි වීමෙන් ණයට හිලව් වීම පිණිස සේවයෙහි යෙදවීමද නූතන වහල්භාවයේ එක් ස්වභාවයකි. එහිදී, ළමා විවාහ, බලහත්කාර විවාහ, ගෘහස්ත දාසභාවය සහ බලෙන් වැඩෙහි යෙදවීමද ප්‍රචණ්ඩත්වයෙන් හෝ තැතිගැන්වීමෙන් සිදුකරන බව කියයි.