කිසිම විටකින් ඉන්ධන මිල වැඩිකිරීමට රජය කටයුතු නොකරන බවත් ඉන්ධන මිල සඳහා මිලසුත්රයක් හදුන්වා දෙන බවත් ඛණිජ තෙල් සම්පත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. සකස්කරන ලද මිලසුත්රය ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කරන බවත් අමාත්‍යවරයා කීය. ලෝකයේ තෙල් මිල වෙනස්වනවිට එහි වාසිය හිමිවිය යුත්තේ ජනතාවටයි. මෙය අදාළ අංශ වෙත ලබාදීමට මගේ අමාත්‍යංශයත් මහා භාණ්ඩාගාරයත් එකතුවෙලා කමිටුවක් පත්කරලා ඒ සියලූම කරුණු සාකච්ඡාකළා. සහන දිගුකාලීනව සහ කෙටිකාලීනව ජනතාවට ලැබෙන ආකාරයට තෙල්මිල විචල්යවීම උපයෝගී කරගන්නේ කෙසේද කියන කාරණය සැලකිල්ලට ගෙන මිලසුත්රයක් සකස්කර තිබෙනවා. එය ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කරීමට බලාපොරොත්තුවෙනවා. කිසිම විදිහකින් තෙල්මිල වැඩිවෙන්නේනම් නැහැ. යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.