මිද්දෙනිය නගරයේ පාවහන් හා රෙදිපිළි සහිත වෙළෙඳ සැලක අද (27දා) අලුයම ඇතිවූ ගින්නක් හේතුවෙන් වෙළෙඳ සැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ගින්න හේතුවෙන් රුපියල් කෝටි 05 කට අධික අලාබයක් වෙළෙඳ සැලට ඇතිවී තිබෙන බව මිද්දෙනිය පොලීසිය පවසයි.
අද අලුයම 1.00 ට පමණ ගින්න ඇතිවී තිබෙන අතර, මිද්දෙනිය පොලීසිය හා ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර, පසුව තංගල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවාදමා තිබේ.
.jpg)
.jpg)
.jpg)
.jpg)