ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය අවසන් වූ මොහොතේම ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කිරීමට ශ්‍රමදානයක් පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
මීට අමතරව රැලියට හා පෙළපාලියට සහභාගිවන්නන් රැගෙන එන පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු සියලුම දෑ නිවැරදි ලෙස කසළ බඳුන්වලට බැහැර කළ යුතු බවද අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මහනුවර නගරයේ පිරිසුදුභාවය රැකගැනීම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත්, සැරසිලි කටයුතු කිරීමේදී පොලිතීන් සම්පූර්ණයෙන්ම බැහැර කර රෙදි පමණක් යොදා ගන්නා බවද හෙතෙම පවසා සිටියේය.