පිලිපීනයේ මැනිලා නුවර හෝටලක තිබී පුද්ගල මළසිරුරු 34ක් සොයාගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මේ අතරින් බොහෝ මරණ ඝන දුමාරයක් ආඝ්‍රාණය වීම හේතුවෙන් හුස්ම සිරවී සිදුව ඇතැයි වාර්තා වී තිබෙන අතර, හෝටලයේ කැසිනෝ අංගනයේ මේස සඳහා තැබූ ගින්නකින් ඇතිවූ ඝන දුමාරය ඒ සඳහා හේතු වී තිබේ.
එසේම ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයෙකු විසින් හෝටලය තුළ වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබේ.
අද (02දා) අලුයම මෙම සිදුවීම සිදුව ඇති අතර, ප්‍රහාරයට පැමිණි පුද්ගලයාද වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.
තුවාල ලැබූ 50ක පමණ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.