ඉදිරි මාස් කන්නයේදී දිස්ත්‍රික්ක 10කට කාබනික වී ගොවිතැන සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බව සෙමා ආයතනය සඳහන් කරයි.
වස විස නැති රටක් සංකල්පය යටතේ වලව, මහවැලි 'බී' කලාපයේ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන් තුළ කාබනික වී ගොවිතැන සිදු කරන බවද එම ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
එම වගාවන්වල සාර්ථකත්වය මත ඉදිරි කන්නයේදී පොළොන්නරුව, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය, හම්බන්තොට, කුරුණෑගල, ගම්පහ, ගාල්ල, කළුතර, අනුරාධපුර දිස්ත්‍රික්කවල කාබනික වී ගොවිතැන සිදුකිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.