ජනමාධ්‍යයට ජනමාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කර කිසිවෙකුට ඉදිරියට යා නොහැකි බවත්, ජනමාධ්‍යයට, ජනමාධ්‍ය‘වේදීන්ට ප්‍රහාර එල්ල කරන තර්ජනය කරන සියලුම දෙනාට එරෙහිව පොලීසිය පොදුවේ නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
ජනමාධ්‍යයට, ජනමාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය එල්ල කරන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් නොවන බවත්, එවැනි අයට තරාතිරම නොබලා රටේ නීතිය ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පවසා සිටියේය.
දිවයින මාධ්‍ය‘වේදියාට සිදුවූ සිදුවීම පිළිබඳව කනගාටු වන බවත්, ඇති කර ඇති නිදහස කඩාකප්පල් කිරීමට කවුරුන් හෝ මෙවැනි දේවල් සිදුකරනවාද යන්න සොයාබැලීමක් සිදුකරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.