මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම වෙනත් පක්ෂයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුවද කිසිදු පක්ෂයකට එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
තමන් මැතිවරණයට ඉදිරිපත් වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කරගැනීමට නොහැකි වූ හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ප්‍ර‘දේශයේ කාර්යාලයක් විවෘත කළ බවද එම පක්ෂයේ වැඩ බලන මහලේකම් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා සඳහන් කළේය.
අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරටේ පසුගිය කාලයේ බිහිවූ තුන්වැනි බලවේග දිගට අල්ලන් නොගිය බවත්, මහින්ද රාජපක්ෂ මහතා හදන බලවේගය සෝඩා බෝතලයක් වගේ වනු ඇති බවත්ය.
රට හැදීමට හැකියාව තිබෙන්නේ කාටදැයි පසුගිය දිනවල වර්තමාන ආණ්ඩුව රටට සිදුකළ වැඩවලින් ජනතාවට තහවුරු වී තිබෙන බවත්, විශාල පිම්මකින් මෙරට ඉදිරියට යන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.