ADA
www.ada.lk
2025 ජුනි මස 28 වන සෙනසුරාදා
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හොඳ ගමන් මාර්ගයකට පැමිණ ඇති බවත් ඒ ගමන්මාර්ගය කකුලෙන් ඇද නැති කරන්න එපායැයි තමා මහින්ද රාජපක්ෂ මහතාට කියන බවත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිමියෝ පැවැසූහ.
ගංගාරාම නවම් පෙරහර ආරම්භ කිරීමට මත්තෙන් සභාව අමතමින් උන්වහන්සේ මේ බව පැවැසූහ. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එක තැන හිඳිමින් උන්වහන්සේගේ කතාවට සවන් දුන්හ.
"විජේවර්ධන පවුල නැති කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අක්කර විසිතිස්දාහක් තිබුණ හෙලේනා විජේවර්ධන පවුල. රජපවුලක් වගේ. කැලණි විහාරය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ගංගාරාමය කරන්න හිටපු එකම බෞද්ධ පවුල. ජීවය නැති කළා. දැන් මේ දවස්වල රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බොහොම චෝදනාවක් තියෙනවා ප්රවෘත්ති පත්‍ර ඒ වගේම ජනසන්නිවේදන අංශයන්ට ටිකක් සැර දානවා කියලා. එහෙම දාන්න ඕන ඒ අයට. අපිටත් එහෙන් මෙහෙන් කොඩිත්තර දාන වෙලාවල් තියෙනවා. අපි නම් ගණන් ගන්නේ නෑ. රටේ පාලකයාට එහෙම සැර දාන්න අයිතියකුත් තියෙනවා. හැබැයි එක ඉල්ලීමක් කරනවා. ජේ. ආර්. ජයවර්ධන ජනපතිතුමා ජනපති වෙලා දෙවරක් එතුමාගේ පරම්පරාවේ දේපළ උරුමය ප්රවෘත්ති පත්‍ර නිදහස රැකලා දෙන්න බැරිවුණානම් තමුන්නාන්සේට අද අයිතියක් තියෙනවා. තමන්ගේ පවුලේ උරුමය. ලේක්හවුස් ආයතනය.
ස්වාධීන ආයතයක් බවට පත්කරන්න. අපි කවුරුත් එකමුතු වෙලා සමගි වෙලා. ඥානවන්තව ස්ථානෝචිත ප්‍රඥාවෙන් දුරදිග දක්නා නුවණින්. රනිල් හාමු කේන්ති ගන්න එපා. මමත් ඉස්සර හරියට කේන්ති ගන්න කෙනෙක්. ඕන වෙලාවට කේන්ති ගත්තට කමක් නෑ. තමුන්නාන්සෙ හොඳ ගමන් මාර්ගයකට ආවා කරගෙන යන්න. මහින්ද රාපජපක්ෂ මැතිතුමනි අදින්න එපා කකුලෙන්. මහින්දයි රනිලුයි යාළුවෝ දෙන්නෙක්. ඒ වගේම අපේ දායකයෝ දෙන්නෙක්. මේක අද ඉතිහාස ගත කතාවක් හැටියට කියන්න ඕන. දේශපාලනය ගැන ස්වාමීන් වහන්සේලා කතා කරන කොට පරස්සමින් කතා කරන්න ඕන. හැබැයි ඇත්ත කියන්න පුරුදු වෙලා තියෙන්න ඕන. බෙරුව බෑ. අපි බොරු කියන්නෙ නෑ."
popular news
ට්‍රම්ප් මේක ආරම්භ කළා අපි මේක අවසන් කරනවා
පොලිස් ලොක්කෙකුගේ එළවළු වගාවක් නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් පීඩාවට?
නව භාණ්ඩාගාර ලේකම්ගේ ’පැටිකිරිය’ මෙන්න
ට්‍රම්ප්ගෙන් ඊශ්රායෙලයට අනතුරු ඇඟවීමක්
ඊශ්රායෙලයට ඔත්තු බැලූ පුද්ගලයන් තිදෙනෙක් එල්ලා මරා දමයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd