හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේදි අසත්‍ය ප්‍රකාශ කිරිමෙන් සෑහීමකට පත්නොවි ජාත්‍යන්තර වශයෙන්ද අසත්‍ය ප්‍රකාශ කරන බව අමාත්‍ය පී. හැරිසන මහතා කියයි.
අද (13දා) කොඹදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ තවමත් වී ගබඩා කර ඇති බවට හිටපු ජනපතිවරයා පසුගියදා කළ ජපාන සංචාරයේදී පැවැසුවත් මත්තල ගබඩා කළ වි තොග මිට මාස තුනකට කලින් ඉවත්කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මත්තල කාගෝ ගබඩාවේ වී මෙට්‍රික් ටොන් 4000ක් ගබඩා කර තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.