මහින්ද ගෞරවාන්විතව විශ්‍රාම ගත යුතුයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ පාපයට හවුල් නොවී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව මධ්‍යම පළාත් මහාමාර්ග විදුලිබල, බලශක්ති නිවාස හා ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව ‘අද’ට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක දෙකඩ වෙන්නේ නෑ. ඒ සඳහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඩදෙන්නෙ නෑ. ඒ වගේම මගේ විශ්වාසයේ හැටියට මහින්ද රාජපක්ෂ මහතාත් වෙනම පක්ෂ හදල පක්ෂය දෙකඩ කරන්න ඉදිරිපත් වන එකක් නෑ. එහෙම නැතිව පක්ෂයට සම්බන්ධ නැති පිරිසකගේ වුවමනාවට වෙනම පක්ෂයක් හදන්න මහින්ද මහතා සහාය දුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට හවුල් වීමක් වෙනවා. මහින්ද මහතා අපි ගරු කරන නායකයෙක්. ඒ නිසා අපි එතුමගෙන් ඉල්ලනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ පාපයට හවුල් නොවී ගෞරවාන්විතව විශ්‍රාම යන්න කියලයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මොහොමඩ් ආශික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

