මහින්දගේ රියදුරු හමුදා කපිතාන් තිස්ස රිමාන්ඩ්
රුපියල් කෝටි දෙකකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරා ලෙස කටයුතු කළ යුද හමුදා කපිතාන්වරයා සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ලබන මස 11 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාණිමා විජේබණ්ඩාර මහත්මිය නියම කළාය.
නවගමුව ප්‍රදේශයේ ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගන්නා ලදුව අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරා ලෙස කටයුතු කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ලාල් ප්‍රියන්ත පීරිස් නමැත්තන් මෙලෙස රිමාන්ඩ්භාරයට පත් කෙරිණි.
මෙම සිද්ධියට අදාළව පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ පොලීසිය මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවහොත් පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි හෙයින් සැකකරුවන් රිමාන්ඩ්භාරයට පත් කරන්නැයි පොලීසිය ඉල්ලා සිටියේය.
පරීක්ෂණවලට බාධා විය හැකියැයි කියමින් පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කළ අතර, සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙස පොලීසියට නියම කළාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

