Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුනි මස 21 වන සෙනසුරාදා
2025 ජුනි මස 21 වන සෙනසුරාදා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සිදුකළ උගන්ඩා සංචාරය සඳහා වූ වියදම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගෙවා ඇති බවට පසුගියදා කරුණු අනාවරණය වීමත් සමගම ඒ පිළිබඳ යම් මතභේදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.
විශේෂයෙන්ම මෙම අප්‍රිකානු රට වෙත සංචාරය සඳහා වන වියදම් ගෙවන ලෙස හිටපු ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත සිදුකරන ලද ඉල්ලීම් ඇතුළත් ලිපිගොනු කිහිපයක්ම හෙළිදරව්වීමත් සමගින්ම මෙම තත්ත්වය හට ගෙන තිබේ.
උගන්ඩාවේ ජනාධිපති යොවෙනි මුසෙවෙනිගේ ජනපති පදවිප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබුණු ආරාධනාවක් අනුව මෙම සංචාරය සංවිධානය වී තිබුණි.
මෙය ජනපති යොවේනි එරට ජනාධිපති ධුරය සඳහා තේරී පත්වුණු පස්වැනි අවස්ථාව වන අතර, ඔහු එරට තුළ දැඩි ආන්දෝලනාත්මක චරිතයක් බවටද පත්ව තිබේ. එහිදී ආසන්නතම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන්ද එරට විපක්ෂය චෝදනා ඉදිරිපත් කර සිටියි. එසේම පසුගියදා පැවැත්වුණු මෙම පදවිප්‍රාප්ති උත්සවයට සමගාමීව ජනපතිවරයාට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ රැසක්ම එරට කම්පාලා අගනුවරදී සංවිධානය විය.
අනාවරණය වී ඇති ලිපිගොනුවල දැක්වෙන තොරතුරුවලට අනුව, හිටපු ජනාධිපතිවරයා වෙත ගුවන් මගින් කොළඹ සිට ඩුබායි හරහා උගන්ඩාවේ කම්පාලා අගනුවර දක්වා ව්‍යාපාරික පන්තිය යටතේ පියාසර කිරීමට වැයවන රුපියල් 425,000 ක මුදල ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ගෙවා තිබේ.
මෙහිදී අදාළ ගුවන් ටිකට්පත නිකුත් කිරීම කොළඹ 05, හැව්ලොක් පාරේ පිහිටි වර්ල්ඩ් එයාර් ප්‍රයිවට් ලිමිටඩ් නම් සමාගමක් විසින් සිදුකර ඇත. 2016 මැයි 05 වැනිදා නිකුත් කළ මෙම ටිකට්පතෙහි නම රාජපක්ෂ පර්සි/එම් ලෙස සඳහන්ව ඇති අතර, එම ටිකට්පතට අදාළ ලදුපත විදේශ කටයුතු අමාත්‍යාංශය නමින් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සිදුකළ විමසීමකදී ඔවුන් එකඟතාවට පත්ව ඇත්තේ ගුවන් ටිකට්පතට අදාළ මුදල ගෙවීමට පමණක් බවද දැනගන්නට ලැබුණි. එහිදී ඔවුන් හිටපු ජනාධිපතිවරයාගේ නවාතැන් සඳහා වන ගෙවීම් ප්‍රතික්ෂේප කිරීමටද කටයුතු යොදා තිබේ.
මේ අතරම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහු සමග ගිය පිරිස සිය සංචාරය අතරතුර රැඳී සිටීම සඳහා උගන්ඩාවේ ස්පෙකෙ රිසෝට් මුන්යොන්යෝ හි කාමර කිහිපයක්ම වෙන් කිරීමටද පියවර ගෙන තිබූ බවටද තොරතුරු වාර්තාවලසඳහන්ව තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පසුගිය මැයි 05 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චිත්‍රාංගනී වාගීස්වර මහත්මිය වෙත ලිපියක් ලියමින්, හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම වෙත මෙම සංචාරය සඳහා ගුවන් ටිකට්පත් සහ වෙනත් වියදම් වෙනුවෙන් පහසුකම් සලසන ලෙස මෙලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
එසේම එදිනම ලේකම්තුමිය වෙත තවත් ලිපියක් යවන ලොකුබණ්ඩාර මහතා, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ඔහුද මේ උගන්ඩා සංචාරයේ නිරත වන බව සඳහන් කර තිබේ. ඒ අනුව &මැයි 11 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා සිදුකරන මෙම කම්පාලා නුවර සංචාරයේදී ආහර සහ නවාතැන් සඳහා වන වියදම් ආණ්ඩුවේ විශේෂිත රාජ්‍ය රෙගුලාසි යටතේ සලසා දීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි* යනුවෙන් ලොකුබණ්ඩාර මහතා සිය දෙවැනි ලිපියෙන් ලේකම්තුමිය වෙත පවසා තිබේ.
කෙසේවෙතත් විශ්‍රාමික රාජ්‍ය නායකයෙකුගේ මෙවැනි සංචාර හා අදාළ වන ගෙවීම් පිළිබඳ අප සිදුකළ විමසීමකදී, එවැනි රාජ්‍ය නායකයෙකු රජයේ නියෝජිතයෙකු ලෙස හෝ රාජ්‍ය දූතයෙකු ලෙස හෝ සංචාරය කරන්නේ නම් පමණක් මෙලෙස සංචාරයට අදාළ වන වියදම් දැරීමට රජය කටයුතු කරන බව අනාවරණය විය. මේ අතරම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද ඇය සභාපති ධුරය දැරූ දකුණු ආසියානු ප්‍රතිපත්ති සහ පර්යේෂණ ආයතනයේ සැසි සඳහා වන ගුවන් ගාස්තු ගෙවීමට රජය ක්‍රියා නොකළ බවත්, ඇය ඒ සියල්ල තම පෞද්ගලික වියදමින් දැරූ බවත් ඇගේ කාර්ය මණ්ඩලය සාමාජිකයෙකු පවසා සිටියේය. කොළඹ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම ආයතනය ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පිහිටි ලෝක නායකත්ව සන්ධානයේ සාමාජිකත්වය දරන්නකි.
ඒ අනුව මේ ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරයේ කවර කොටසක් සඳහා වුවද විදේශ කටයුතු අමාත්‍යාංශය මුදල් ගෙවීම තවමත් නොවිසඳුණු ගැටලුවක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම උගන්ඩා රජයෙන් ලැබුණු මෙම ආරාධනයට අදාළ ලියවිල්ල ඍජුවම හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙත ලැබීමත් සැලකිය යුතු අවස්ථාවක් බව අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කරයි. කෙසේ වෙතත් මෙය උගන්ඩාව සමගින් ශ්‍රී ලංකාව පවත්වාගෙන යන රාජ්‍යතාන්ත්‍රික සබඳතා වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා වෙත අනුග්‍රහය දැක්වීමක් විය හැකි බවද ඔවුන් පවසා සිටියි.
මේ අතරම ශ්‍රී ලංකාවේ වර්තමාන රජයේ නායකයෙකුට මෙම ආරාධනාව හිමි නොවී, එය හිටපු ජනාධිපතිවරයා වෙත පෞද්ගලික ආරාධනාවක් ලෙස හිමිවීමත් යම් ආකාරයකින් වර්තමාන පාලනය නින්දාවට පත් කිරීමක් ලෙසටද ඇතැම් දෙනා හඳුන්වා දෙයි.
උගන්ඩාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2016 අප්‍රේල් 25 වැනිදා දිනය යටතේ එවන ලද මෙම ලිපිය යටතේ, එරට ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ මුසාවෙනිගේ දිවුරුම්දීමේ උත්සවය සඳහා ආරාධනා කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා වූ ගරු මහින්ද රාජපක්ෂ මහතා වෙත වීම මෙහි ඇති විශේෂත්වයයි. උගන්ඩාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය උර්යෙම් හෙන්රි ඔකෙල්ලෝ විසින් අත්සන් තබා ඇති මෙම ලිපියේ සඳහන් වන ආකාරයට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම පදවිප්‍රාප්තිය සඳහා සහභාගි වීම දෙරටේ ජනතාව අතර වඩාත් උණුසුම් සහ හිතෛෂී සබඳතාව වර්ධනය කර ගැනීම සඳහා අවස්ථාවක් බවට සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් එම සතියේදීම බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැත්වුණු දූෂණ විරෝධී සමුළුව වෙත සහභාගී වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙවැනි ආරාධනා පත්‍රයක් ලැබී තිබුණේද යන්නත් පැහැදිලි නැත.
මේ අතරම දෙවැනි ලිපියෙන් දින පහකට පසුව එනම් මැයි 10 වැනිදා, ලොකුබණ්ඩාර මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යැවූ තෙවැනි ලිපිය තුළ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමගින් මෙම සංචාරය සඳහා සහභාගි වන නියෝජිතයන්ගේ නම් සඳහන් කර එවා ඇත.
ඒ අනුව මෙහිදී නව දෙනෙකුගෙන් යුතු නියෝජිතයන් පිරිසකගේ නම් එහි ඇතුළත්ව තිබූ අතර, හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, උදිත් ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ, දෙහිවල - ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග ඇතුළුව සමන් උදය අමරසිංහ සහ හසිත වික්‍රමාරච්චි යන අයද ඒ නම් අතර විය. එසේම ගුවන් බලපත්‍ර අංක OL5650274 සහ OL5650273 දරණ ආරක්ෂක අංශයේ නියුතු නෙවිල් වන්නිආරච්චි සහ මහේන්ද්‍ර සම්පත් යන අයවලුන්ද මෙම නියෝජිත පිරිස හා සම්බන්ධ වී සිටියහ.
කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පවා නිකුත් කර ඇති නිවේදනයකට අනුවද නගරාධිපති ධනසිරි අමරතුංග වෙත මෙවැනි රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති බවට සඳහන්ව තිබීම මෙහි ඇති වඩාත් විශේෂිතම කාරණය වී තිබේ. සාමාන්‍ය පිළිවෙත අනුව නගරාධිපතිවරුන් වෙත මෙවැනි රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර පිරිනැමීමක් සිදුනොවේ. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේපාලන සමයේදී රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර හිමිවූවන් සිය ගණනකින් තවත්අයෙකු වන අමරතුංග මහතාගේ ගමන් බලපත්‍රය අහෝසි කිරීම හෝ නැවත කැඳවීම සිදුකළ යුතුව තිබීම අනිවාර්යය වෙයි.
මීට අමතරව ලොකුබණ්ඩාර මහතාගේ තෙවැනි ලිපියේ සඳහන් වන ආකාරයට, හිටපු ජනාධිපතිවරයා මෝටර් රථ හතරකින් සමන්විත රථ පෙළකින් ගුවන් තොටුපොළ වෙත ගමන් ගන්නා බවත්, එහි හමුදාවේ ලියාපදිංචි එක් රථයක්ද පවතින බවත් දන්වා යවා තිබේ. ඒ අනුව ගුවන් තොටුපොළ තුළ ඊට අදාළ පහසුකම් සකස් කරන ලෙසද ලොකුබණ්ඩාර මහතා මෙම ලිපිය හරහා ලේකම්තුමියගෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ලේකම්තුමියගෙන් සිදුකළ විමසීමකදී ඇය හිටපු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය හෝ ඊට අදාළ ගෙවීම් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා හෝ සිදුකළ බවට ප්‍රකාශයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළාය. එහෙත් අමාත්‍යාංශ ආරංචි මාර්ග අනුව රාජපක්ෂ මහතාගේ කාර්යාලය මගින් අතිවිශේෂිත පුද්ගලයන්ට ලබාදෙන පහසුකම් ඇතුළු පහසුකම් සියල්ලම මැයි 11 වැනිදා කම්පාලා නුවර වෙත සංචාරය කරන මේ නියෝජිතයන් සියලුදෙනා වෙතම ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
මේ අතරම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූ මෙම උගන්ඩා ජනාධිපති මුසෙවෙනිගේ පදවිප්‍රාප්ති උත්සවයත් දැඩි මතභේදයට තුඩුදුන් අවස්ථාවක් බවටද පත්විය. එහිදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් පවා චෝදනා ලැබ සිටින සුඩානයේ ජනාධිපති ඕමාර් හස්සන් අල් බෂීර්ද මෙම අවස්ථාවේ ආරාධිතයෙකු ලෙස සහභාගි වී සිටීම මේ තත්ත්වය සඳහා හේතුවක් විය. ඒ අනුව ඔහුගේ මෙම පැමිණීම සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය සම්බන්ධයෙන් මුසෙවෙනි සිදුකළ ප්‍රකාශ හේතුවෙන් මෙම උත්සවසභාවෙන් පිටව යාමට ඇමෙරිකානු, යුරෝපා සංගම් සහ කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයෝ පියවර ගත්හ.
1986 වසරේ පටන් උගන්ඩාවේ ජනපති පුටුව හොබවන මුසෙවෙනි, 2001 වසරේදී එරට ව්‍යවස්ථාව වෙනස් කරමින් දෙවරක් පමණක් ජනපතිවීමේ සීමාව ඉවත් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව ඔහුට අසීමාන්තිකව එම ධුරය සඳහා තරගකිරීමේ අවස්ථාව හිමි විය. මීට සමගාමීව 2010 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වෙත 18 වැනි සංශෝධනය ඉදිරිපත් කරමින් ජනපති ධුරය සඳහා තරගකිරීමට දෙවතාවක් පමණක් පැවැති සීමාව ඉවත් කර එය තෙවතාවක් බවට පත් කරමින් 2015 වසරේ ජනවාරියේදී ජනපතිවරණයට ඉදිරිපත් විය.
සිය පාලන සමය පුරාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි වශයෙන්ම ලොව මතභේදයට තුඩු දී සිටි ලෝක නායකයන් සහ ඒකාධිපතියන් සමගින් සිය සබඳතා පවත්වාගෙන යාමට පියවර ගත්තේය. එහිදී ඔහු හා සමානවම ඇමෙරිකාව සහ වෙනත් බටහිර රාජ්‍යයන් සම්බන්ධයෙන් දැක්මක් ඇති පිරිස් ඔහු තෝරා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව, සිය නව වසරක පාලන සමය තුළදී, ඔහු වරෙක බෙලාරුසය වෙත නිල සංචාරයක් සිදුකරමින් එරට නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ හමුවිය. යුරෝපයේ අවසන් ඒකාධිපතිවරයා ලෙසද ඔහු හැඳින්වෙයි. එසේම ලිබියාව වෙත සංචාරය කළ හිටපු ජනාධිපතිවරයා එහිදී මුවම්මර් ගඩාෆි සමගින් වඩාත් සුප්‍රසිද්ධ ඡායාරූපයටද පෙනී සිටියේය. මීට අමතරව කසකස්ථානය වෙත මෙන්ම බහුබාර්යා සේවනයේ යෙදෙන ස්වාසිලන්තයේ දෙවැනි ම්ස්වාති රජු වෙත ශ්‍රී ලංකාවේ සංචාරයකටද ආරාධනා කළේය. ඔහුගේ පාලනය ඉතා දැඩි ලෙසම මානව හිමිකම් කඩකරන පාලනයක් ලෙසද චෝදනා ලබා තිබුණි.
මේ අතරම ඉරානයේ හිටපු ජනාධිපති මොහොමඩ් අහමෙදිජිනාඩ් සහ හිටපු වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් සමගින්ද මහින්ද රාජපක්ෂ මහතා ඉතාමත් දැඩි පෞද්ගලික මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් පවත්වාගෙන ගියේය. එහිදී විශේෂයෙන්ම මෙරට පැවැති ත්‍රස්තවාදී යුද්ධයේ අවසන් කාලසීමාවේදී සිදුවූ බවට පැවසෙන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳව බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකරන ලද චෝදනා සහ පරීක්ෂණවලට එරෙහිව මෙම මිත්‍රශීලී රටවලින් ශක්තිමත් සහායක් ලබා ගැනීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලික අභිප්‍රාය වූ බවත් පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd