හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු විසින් එක්රැස් කළැයි කියන මුදල් හා දේපළ පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහා රහස් පොලීසියේ මූල්‍ය විමර්ශන අංශයට ඔවුන්ගේ මුදල් හා දේපළ පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මෙරට බැංකු හා මූල්‍ය ආයතන 79 ක කළමනාකරුවන්ට අද (10දා) නියෝග කළේය.
අදාළ ආරක්ෂක නිලධාරීන් තිදෙනා එක්රැස් කරගෙන ඇති මුදල් හා දේපළපිළිබඳව හෙළිකර ගැනීමට සිදුකරන පරීක්ෂණයක් සඳහා ඔවුන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ නම්වලින් බැංකු සහ මූල්‍ය ආයතනවල ඇති වත්කම් පිළිබඳ තොරතුරු අවශ්‍ය වී ඇති බවට රහස් පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
ඒ අනුව මෙරට ඇති වාණිජ බැංකු 32ක සහ මූල්‍ය ආයතන 47ක කළමනාකරුවන්ට සැකකරුවන්ගේ ගිණුම් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස නියම කෙරිණි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ වන්නිආරච්චි නෙවිල්, තිස්ස විමලසේනහා දමිත් ගෝමිස් රණසිංහ නමැත්තන් බැංකුවල හා මූල්‍ය ආයතනවල තැන්පත් කර ඇති මුදල් හා දේපළ පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහාරහස් පොලීසිය පරීක්ෂණ පවත්වනු ඇත.