මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) අමතරව මහනුවර නගරයේද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බිහිවන බව සමාජ සුභසාධන, සවිබලගැන්වීමෙ හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පොරමඩුල්ලේදී පවසා සිටියේය.
පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුදරුවන්ට පහසුවෙන් රුපියල් ලක්ෂ 15ක බැංකු ණය මුදලක් ලබාදෙන බවත්, රජයේ විශ්වවිද්‍යාලවලට එක ලකුණකින් හෝ දෙකකින් වරම නොලැබුවන්ටත් කැමැති පරිදි උපාධියක හිමිකම ලබාගත හැකි බවත් ඇමතිවරයා පවසා සිටියේය. කිසිසේතම නිදහස් අධ්‍යාපනයට රජයෙන් බාධාවක් නොවන බවද ඔහු පැවැසීය.
රිකිල්ලගස්කඩ - සෝමපාල