මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට වෛද්‍ය සභාවේ සභාපති ධුරයේ වැඩ ආරම්භ කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10දා) විශේෂ සන්දේශයක් බාරදීමට සැලසුම් කර තිබේ.
මේ වසරේ ජනවාරි මාසයේදී වෛද්‍ය සභාවේ සභාපතිධුරයට පත් කර තිබෙන නිසා තවත් වසර 05ක කාලයක ධුර කාලයක් රැඳී සිටීමට වෛද්‍ය ආඥාපනතින් බලය තිබෙන බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා සඳහන් කළේය.
මේ නිසා තනතුරේ දිගටම රැඳී සිටින ලෙස ඉල්ලා මෙම සන්දේශය බාර දෙන බවද පවසා සිටියේය.