කුරුණෑගල, මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට ප්රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. ඊයේ (15දා) අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකුට අයත් කඩ කාමරය තිබී ඊයේ (15දා) රාත්රියේදී ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ පාඨ ඇතුළත් පොස්ටර්, පුවත්පත් හා අත්පත්රිකා සොයාග්ත බවද පොලීසිය පවසයි.
සිද්ධිය පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කළ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය මැයි 21 දා මෙම පල්ලියට ප්රෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල විය.