කිරිබත්ගොඩ, ඊරියවැටිය ප්රදේශය් තාප්පයක් කඩාදැමීමෙන් එහි හිමිකරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇතැයි තීරණය කරමින් ඔහුට රුපියල් ලක්ෂ 04ක වන්දියක් ගෙවන ලෙස හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පුද්ගලයාට රුපියල් 50,000ක් ගෙවන ලෙස කිරිබත්ගොඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට නියම කළේය.
එම වන්දි මුදල හෙට (27දා)දින ගෙවීමට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දු විය. මර්වින් සිල්වා මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ නිවසක තාප්පයක් කඩා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු වන අසිත නානායක්කාර මහතා විසින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබූ අතර, එහි වගඋත්තරකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න රණවීර,කිරිබත්ගොඩ හිටපු පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
මීට කාලයකට පෙර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අධිකරණය හමුවේ පවරන ලද අතර, දීර්ඝ කාලයක් පුරා සිදුකළ නඩු විභාගය අවසානයේදී වගඋත්තරකාර හිටපු අමාත්‍යවරයා සහ හිටපු කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
.