මන්නාරමේ කැණීමකින් හමුවූ දේ - විමර්ශන ඉදිරියටත්
තලෙයිමන්නාරම කර්මාන්ත පුරය ආසන්නයේ ස්ථානයක ඇටසැකිලි තොගයක් වළදමා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ඊයේ (05දා) සිදුකළ බව මන්නාරම පොලීසිය සඳහන් කරයි.
එහිදී මිනිස් හිස්කබලක් බවට සැකකරෙන කොටස් හමුවූ බව මන්නාරම් පොලීසිය සඳහන් කර සිටියේය.
අදාළ කර්මාන්තපුරය ආසන්නයේ සමූහ මිනි අස්ථි කොටස් තොගයක් වළදමා ඇති බවට මන්නාරම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මන්නාරම් පොලීසිය විසින් මන්නාරම් මහේස්ත්‍රාත් ඒ. ඇලෙක්ස්රාජා මහතාගේ නියෝගයන් පරිදි කැණීම් කටයුතු සිදු කරනු ලැබීය.
මන්නාරම් මහේස්ත්‍රාත් ඒ. ඇලෙක්ස්රාජා මහතාගේ අධීක්ෂණයන් පරිදි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර.ඒ.එස්. රාජපක්ෂ, මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.යූ.එම්. ෂම්වාන යන අය ඉදිරියේදී අදාළ පරීක්ෂණයන් සිදුකෙරිණි.
අදාළ කර්මාන්තපුරය ආසන්නයේ පිහිටි ජල නළයක් ආසන්නයේ මෙම කැණීම් කටයුතු සිදු වූ අතර, මිනිස් හිස්කබලක් බවට සැකකෙරෙන අස්ථි කොටස්වලට අමතරව කිසිවක් හමු නොවූ බව පොලීසිය පැවසීය.
කෙසේ වෙතත් මන්නාරම් මහේස්ත්රාත්වරයාගේ නියෝගයන් පරිදි කැණීම් කටයුතු ඊයේ සවස නවතා දැමුණු අතර, නැවත මහේස්ත්රාත්වරයාගේ නියෝගයන් පරිදි ඉදිරියේදී නැවත් කැණීම් සිදුකිරීමට මන්නාරම් පොලීසිය පියවර ගෙන තිබේ.
මීට පෙරද මන්නාරම් තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී සිදුකළ සමූහ මිණී වළකින් මිනිස් ඇටසැකිලි 81ක් වළදමා තිබියදී සොයාගෙන තිබිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

