ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා බීමත්ව රිය පදවා ඇති බවට වූ චෝදනාව බැලූ බැල්මට ඔප්පු කළ නොහැකි බව කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දන කලංසූරිය මහතා මන්ත්රීවරයා එම චෝදනාවෙන් නිදහස් කරනු ලැබීය.
විජිත හේරත් මහතා පැදවූ කැබ්රියක් පෙරේදා (30දා) රාජගිරියේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ මන්ත්රීවරයා එදින පොලිස් ඇප මත මුදා හළේය.
මන්ත්රීවරයා අද (01දා) අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුට අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර අනතුරක් වළක්වා නොගැනීම වරදකරු කරමින් රුපියල් 1500ක රජයේ ගාස්තු ගෙවන ලෙසට නියෝග කිරීමටත් විනිසුරුවරයා කටයුතු කළේය.