මධ්‍යම අධිවේගයේ වැඩ නුවරිනුත් අරඹයි
කොළඹ - නුවර අධිවේගි මාර්ගය නිම කිරීමේ කටයුතු කොළඹ සිට මෙන්ම නුවර සිටත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බව මහාමාර්ග හා විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි. නුවර සිට මාර්ගය නිම කිරීමේ වැඩ ආරම්භ කරන්නේ මැයි මාසයේ සිට බවද ඔහු පැවැසීය.
“නිතරම නුවර මිනිස්සු අහනවා නුවර කොළඹ අධිවේගී මාර්ගය කවදාද පටන් ගන්නේ කියලා. එම මාර්ගයේ වැඩ කොළඹ සිට පටන්ගෙන කරගෙන යනවා. මම රජයට යෝජනාවක් කළා මැයි මාසයේ නුවර සිටත් අධිවේගි මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වාගේම ඉදිරි කාලයේ රුවන්පුර අධිවේගි මාර්ගය, යාපනයේ අධිවේගි මාර්ගය ආරම්භ කරලා කඩිනමින් නිම කරනවා”
මාවනැල්ලේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. පසුගිය මහන්ද රාජපක්ෂ රජය වැඩ කළේ දකුණු පළාතට පමණක් බවද ඔහු පැවැසීය.
“මහින්ද රජපක්ෂ මහත්තයාගේ කාලේ වැඩ වුනේ දකුණට විතරයි. වරායවල්, අධිවේගි මාර්ග, ගුවන් තොටුපලවල්, ඒ සියල්ල දකුණට. මෙ පළාතට කිසිම දෙයක් වුණේ නැහැ.”
සමන්විජය බණ්ඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

