මතුපිට ජලයෙන් සියයට 65ක් තවමත් මුහුදට
පොළොවට ලැබෙන මතුපිට ජල ප්‍රමාණයෙන් සියයට 65ක් තවමත් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලායන බව ගාල්ල, මාතර වාරිමාර්ග කලාප අධ්යක්ෂ එල්.එච්. සූරියබණ්ඩාර මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කලාප අධ්යක්ෂවරයා,
"අපට ලබෙන මතුපිට ජලයෙන් සියයට 28ක් වාරිමාර්ගවලට යොදා ගන්නවා. සියයට හතක් විතර නිවාස හා අනිකුත් කටයුතු සඳහා යොදාගන්නවා. නමුත් අපට ලැබෙන මතුපිට ජලයෙන් සියයට 65ක් තවමත් යන්නේ මුහුදට.
ලංකාව තවමත් වාසනාවන්තයි පාවිච්චිකරන්න පුළුවන් වතුර ප්‍රමාණක් තියෙනවා. වීකිලෝවක් නිෂ්පාදනය කරන්න වතුර ලීටර් 3000ත් - 5000ත් අතර ප්‍රමාණයක් යනවා. අපේ රට ජලය අතින් ඉතා වාසනාවන්ත රටක්. ගංගා ද්‍රෝණි 103ක් තියෙනවා. අපේ රටේ ජල භාවිතයෙන් සියයට 80ක් විතර භාවිත කරන්නේ වාරිමාර්ග කටයුතු සඳහා. නිවාස සඳහා සියයට 10ක් හා කර්මාන්ත සඳහා සියයට හයක් භාවිත කරනවා.
මතුපිට තියෙන ජල ප්‍රමාණයෙන් වසරකට අපට ලැබෙනවා, ජලය ඝන මීටර් මිලියන 43,200ක්. ඉන් වාරිමාර්ග කටයුතු සඳහා භාවිතයට ගන්නේ ඝනමීටර් මිලියන 12000ක් විතරයි. කර්මාන්ත සඳහා ඝනමීටර් 3000ක් භාවිතයට ගන්නවා. භාවිතයට නොගෙන මුහුදට යන ප්‍රමාණය ජලය ඝනමීටර් 28200ක්" යැයි පවසා සිටියේය.
ජිනේෂ් නානායක්කාර /රවිදු දීයගහගේ
ජිනේෂ් නානායක්කාර /රවිදු දීයගහගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
