මඩකලපුවේ හාමුදුරුවෝ නැගෙනහිර මහ ඇමති හමුවෙයි
නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නිලධාරියෙකුට උත්සවයක් අතරතුර බැන වැදීමට විරෝධය පළකරමින් මඩකලපුව නගරයේ අද(26දා) විරෝධතාවක් පැවැත්විණි.
අද පෙරවරුවේ ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ නිවසට වැඩම කළ නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක, මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ නාවික හමුදා නිලධාරියාට බැනවැදීම පිළිබඳව මහ ඇමතිවරයාට සිය විරෝධය පළ කළහ.
මේ සිදුවීම පිළිබඳව එම රණවිරුවාගෙන් සමාව ඉල්ලනවාදැයි අම්පිටියේ සුමනරතන නාහිමියන් මහ ඇමතිවරයාගෙන් විමසා සිටි අතර, එයට සෘජු පිළිතුරක් ලබාදීමට ඔහු අපොහොසත් විය.
මෙම උත්සවය පැවැත්වෙන අවස්ථාවේවේදිකාවට තමන්ට සහ නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ඇමතිවරයාට ආරාධනාවක් නොකළබවත්, නැගෙනහිර ආණ්ඩුකාරවරයා තමන්ට කතාකළ පසු වේදිකාවට නැගීමට ගිය අවස්ථාවේ එම නාවික හමුදා නිලධාරියා තමන් වැළකූ බවත් හෙතෙම සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





