මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම යටතේ බස්නාහිර පළාත තුළදී ගෙවී ගිය දින 23 ක කාලය තුළදී රියදුරන් 63,000 කට අධික ප්‍රමාණයකට නඩු පවරා තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
දෙසැම්බර් පළමුවන දින සිට 23 වැනි දින දක්වා කාලය තුළදී කොළඹ නගරය තුළ හා ආසන්න ප්‍රදේශවලදී රියදුරන් 24,000 කට ආසන්න ප්‍රමාණයකට නඩු පවරා තිබෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.