හම්බන්තොට සහ කුඩාවැල්ල ධීවර වාරයවලින් මුහුදු ගිය ධීවර බෝට්ටු දෙකක් නැවු දෙකක ගැටීමෙන් සිදුවූ අනතුරුවලින් ධීවරයන් තිදෙනෙකු අතුරුදන්වී තිබේ.
කුඩාවැල්ල ධීවර වරායෙන් පසුගිය 30දා මුහුදු ගිය IMULA -0526 නමැති ධීවර බෝට්ටුව සහ හම්බන්තොට ධීවර වරායෙන් පසුගිය 03දා මුහුදු ගිය TLK -A0414 නැමති ධීවර බෝට්ටු මෙසේ අනතුරට ලක්ව ඇත.
IMULA -0526 අනතුරට පත්වීමෙන් පසු දිවි බේරාගෙන ඇති ඩබ්ලිව් .මහින්ද නැමැත්තා හම්බන්තොට පොලීසියට පවසා ඇත්තේ බෝට්ටුවේ ගමන් ගත් අනෙක් තිදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවයි.
මේ අතර TLK -A0414 ධීවර බෝට්ටුව අනතුරට පත්වීමෙන් පසු එහි සිටි ධීවරයන් හතර දෙනා දිවි බේරාගෙන තිබේ.
මෙම අනතුරුවලින් දිවි බේරාගත් ධීවරයන් පස්දෙනා පසුගිය (04දා) රාත්රී හම්බන්තොට ධීවර වරායට රැගෙන විත් ඇත. එහිදී කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට පත්ව දිවි බේරාගත් ධීවරයා රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අතුරුදන් වූ ධීවරයන් තිදෙනා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණ වී නොමැති අතර ඔවුන් පිළිබඳ සොයා බැලීමට අදාළ අංශ දැනුවත් කර ඇති බව හම්බන්තොට පොලීසිය පැවසීය.