(UPDATE) නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ගොස් අත්අඩංගුවට පත්ව, එරට ක්‍රිස්මස් දූපතේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු අද (26දා) යළි ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු ආගමන විගමන බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම පිරිස මීට මාසයකට පමණ පෙර බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පැමිණි පිරිසක් වන අතර, එම පිරිස විශේෂ ගුවන් යානයකින් දැඩි ආරක්ෂක පියවර යටතේ මෙරටට පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි. කෙසේ වෙතත්, එරට මාධ්‍ය වාර්තාවල මෙසේ ශ්‍රී ලංකාවට පිටුවල්කළ පිරිස 20කට ආසන්න බවද සඳහන්ව තිබුණි.
එනමුදු, ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණි පිරිස 6 දෙනෙකු බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි. ඔවුන් අද අලුයම් කාලයේදී විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
කෙසේ වෙතත්, පසුගිය කාලය තුළ ඔස්ට්‍රේලියානු රජය විසින් සිදුකරන නිරන්තර ආරක්ෂක වැඩපිළිවෙළ මෙන්ම, අදාළ රටවල සිදුකරන දැනුම්වත් කිරීම් හමුවේ එරටට බෝට්ටු මගින් ඇතුළුවීමේ සැලකිය යුතු අඩුවීමක් පවතින බවද කියැවේ.