බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ අගනුවර හෝටලයක් ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවීමත් සමග පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තවත්, පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බව විදෙස් වාර්තා පවසයි.
බුර්කිනා ෆාසෝ හි අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාම් මග්හර්බ් අන්තවාදී සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම බාරගන්නා ලදී.
ඒ අනුව, හෝටලය තුළ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටින පිරිස බේරාගැනීම සඳහා බුර්කිනා ෆාසෝ ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටියි.
මෙම හෝටලය නිතර බටහිර ජාතීන් පැමිණෙන හෝටලයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන බව බුර්කිනා ෆාසෝ විදේශ අමාත්‍ය අල්ෆා බැරී රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.