බුද්ධාගමට මේ රටේ හිමි තැන පහළට දැමීමට වත්මන් ආණ්ඩුව උත්සාහ දරනවා නම් මේ ආණ්ඩුවෙන් තමා ඉවත්වන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කර සිටියේය.
ඒ කළුතර ආසනයෙහි ආපදාවට පත් විහාරස්ථාන සඳහා සහන බෙදාදීමේ වැඩසටහන් මාලාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අපේ රටේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන අඩු කරනවා කියලා අපි කිසිම තැනක සාකච්ඡා කර නැහැ. ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙකු හැටියට මම වගකීමකින් එය කියනවා. එහෙම සාකච්ඡාවක් කරලත් නෑ. සාකච්ඡා කරන්නෙත් නෑ.
නමුත් වෙනම කට්ටියක් වෙන වෙන කතා කියමින් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගින්නක් අවුලන්න හදනවා. මම දැක්කා එක තැනක තියෙනවා බුද්ධාගම තුන්වැනි තැනට දාන්න හදනනවා කියලා. මේවා තනිකරම දේශපාලන කතායි.
මෙය සිංහල බෞද්ධයන් ඇවිස්සීමේ උපක්‍රමයක්. ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ බුද්ධාගමට හිමි තැන ආරක්ෂා කරන්න. ඒ වගේම බුද්ධාගමට මූලිකත්වය දෙන ගමන් අනෙක් ආගම්වලට සිය අයිතිවාසිකම් ලබාදෙන්න. ඒකේ වරදක් මම දකින්නේ නැහැ.
අද වෙනකම් නව ව්‍යවස්ථාවේ කොළයක්වත් එළියට ඇවිත් නෑ. ව්‍යවස්ථාව ගැන කතා කරන අය කොළයක්වත් දැකල තියෙනවද දන්නේ නෑ. හුඟක් විපක්ෂයේ ඉන්න අය කැමැතියි මාධ්‍යයකට ගිහිල්ලා ගිනිකූරක් පත්තු කරන්න. එතකොට ඒගොල්ලන්ගේ පින්තූරෙත් යනවා පිටු භාගයක. මම කියන්නේ තුට්ටු දෙකේ මේ දේශපානය අපේ රටෙන් ඉවත් විය යුතුයි කියලයි.” යනුවෙන් සඳහන් කර සිටියේය.