බිම් මට්ටමේ මානව සුරැකීමේ ව්‍යාපෘතිය (GGP) යටතේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර ඇත.
ඒ අනුව උතුරු සහ උතුරු මැද පළාත්වල බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරත වන ඩෑෂ් (DASH) ආයතනය වෙත ඇමෙරිකානු ඩොලර් 634,860 ක්සහ මන්නාරම, උතුරු පළාත සහ නැගෙනහිර පළාතේ බිම්බෝම්බ ඉවත්කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන මැග් ආයතනය (MAG) වෙත ඇමෙරිකානු ඩොලර් 603,143 ක් වශයෙන් මුදල් ප්‍රදාන හිමිවනු ඇත.
ජපාන රජය මෙම මුදල් ප්‍රතිපාදන තුළින්බිම්බෝම්බ ඉවත්කිරීමේ ව්‍යාපෘති වේගවත් කිරීම සහ ශ්‍රී ලංකා භූමිය බිම්බෝම්බවලින් තොරරටක් කොට ආරක්ෂිතව නැවත ස්ථාපික කිරීමට දායකත්වය ලබාදෙයි.