බැඳුම්කර සාක්ෂි විභාගය ජූලි මැද අවසන්?
වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාග කිරීම ලබන ජූලි මාසයේ මැද වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා පැවසීය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම සඳහා ලබා දී ඇති කාලය ලබන ජූලි මස 27 වැනිදා වනවිට අවසන් වීමට නියමිත බව පැවසූ කොමිසමේ ලේකම්වරයා ඒ හේතුව නිසා කොමිසමේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු ලබන ජූලි මාසයේ මැද වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම සඳහා මුලින් මාස තුනක කාලයක් ලබාදී තිබූ අතර, එම කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තවත් මාස තුනක කාලයක් ලබා දෙන ලදී. මේ වනවිට එම දෙවැනි ධුර කාලය ගත වේ.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදුවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
