බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන ඩෙංගු මර්දන වැඩසටහනට අනුව ඊයේ (21දා) ස්ථාන 442 කට අවවාද ලබාදී ස්ථාන 102 කට නඩු පවරා තිබේ.
ඩෙංගු බෝ විය හැකි ස්ථාන 1,354 ක් නිවැරදි කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙන අතර, ඊයේ ආරම්භ වූ තෙදින ඩෙංගු මර්දන වැඩසටහන අද දිනයේදීද ක්‍රියාත්මක වේ.
පරිසර, අධ්‍යාපන, ආරක්ෂක, පළාත් පාලන යන අමාත්‍යාංශවල නිලධාරීන් ඇතුළුව ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් හා ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බළකාය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.