බලපිටියේ වෙඩි කෑ දෙවැනියාත් මරුට
බලපිටිය අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී ඊයේ(16දා)වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටි සෙසු පුද්ගලයාද කොළඹ මහ රෝහලේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
එසේ මියගොස්ඇත්තේ ඉඳුරුව, කයිකාවල, අනගිපුර පදිංචි රසික චමින්ද (30) නමැත්තෙකි. ඔහුට විරුද්ධවද පාතාල ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධයෙන් රහස් පොලීසිය හා පොලීසිය විසින් පවරනලද නඩු කිහිපයක් ඇතැයි පොලීසිය අනාවරණය කරයි.
මේ ඝාතන දෙක සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් පරීක්ෂණ සඳහා යොදවා ඇති බව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
ගිනිඅවි රැගෙන යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකුගෙන් අයෙකු පිස්තෝලයකින් වෙඩිතැබීමෙන් එක්අයෙකු මියගොස්, තවත් අයෙකු බරපතළ තත්ත්වයෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
හිසට හා පිටට වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් එම රෝගියාගේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු කොළඹ ජාතික රෝහල වෙත යොමු කළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
