පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේවනවිට දේශපාලන වශයෙන් අනාථ වී ඇති බැවින් සියප්රතිරූපය වර්ධනය කරගැනීමට විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, මේවනවිට හෙතෙම වැමෑරීමට පටන්ගෙන ඇති බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
“ගම්මන්පිල මහත්තයා පසුගිය දිනවල කළුකොඩි ව්‍යාපාරයක් පටන්ගත්තා. අඩුම තරමේ එයාගේ වාහනේට කොඩියක් ගහන්නවත් කෙනෙක් නෑ. ඒ නිසා එයා එයාගෙ වාහනේට කොඩියක් ගහගෙන සෙල්ෆි ගහලා ෆේස්බුක් දානවා. රටේ ජනතාවට අවශ්‍යතාවක් නෑ කළුකොඩි දාන්න. මං අහනවා ඒ කාලේ මාධ්‍යවේදීන් මරණකොට කොහෙද හිටියෙ කියලා? මන්ත්‍රීවරු මරණකොට කළුකොඩි දැම්මෙ නැත්තෙ ඇයි කියලා? මේ දවස්වල ගම්මන්පිල හැසිරෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වගෙයි.ඒ නිසා ගම්මන්පිල මහත්තයට මට කියන්න තියෙන්නේ වෙනස මාරයි, බයියො හමාරයි, ගම්මන්පිල වමාරයි කියලා තමයි.”
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (07දා) පැවැති මාධ්‍ය හමුවකදීය.