බන්ධනාගාර සියල්ලගේම ඉහළ තනතුරු වෙනස් කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා තීරණය කර ඇති බවට වාර්තාවේ.
බන්ධනාගාර තුළින් දිගින් දිගටම නීති විරෝධී කටයුතු පිළිබඳව වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මීට අමතරව මීගමුව බන්ධනාගාරයෙන් සැකකරුවන් හතර දෙනෙකු පැනයාම පිළිබඳව විශේෂ වාර්තාවක් කැඳවීමටත් අමාත්‍යවරයා තීරණය කර තිබේ.