ඩෙංගු රෝගය වැලඳී බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හාලිඇල බෝගහමඩිත්ත ජයන්තිපුර පදිංචිව සිටි තිමිර ඉසුරංග විජේවර්ධන ශිෂ්‍යයා (16) ඊයේ (02දා) ජීවිතක්ෂයට පත්වූ අතර, බදුල්ල සරස්වති මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බදුල්ල හිඳගොඩ පදිංචි ශෂිකුමාර් කවීෂ් (15) අද (03දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.
බදුල්ල මහ රෝලේ දැනට ඩෙංගු බව හඳුනාගත් රෝගීන් 61 දෙනෙක්ද ඩෙංගු යැයි සැකකරන රෝගීන් 69 දෙනෙක්ද ප්‍රතිකාර ලබන බව රෝහල් බලධාරිහු පවසති.