බංග්ලාදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් විසින් එහි ඩකා අගනුවර අශුලියා හි බෞද්ධ ස්ථූපයක් විවෘත කර තිබේ. මෙම බෞද්ධ ස්ථූපය සඟ සතු කිරීමේ පිංකම් ඊයේ (02දා) ආරම්භ වූ අතර එම පිංකම් මාලාව අද (03දා) අවසන් වීමට නියමිතය.
කොත්වහන්සේ නිරාවණය කිරීමේ අවසථාවට කතානායක කරු ජයසූරිය මහතා එක්වීමට නියමිත අතර ඒ සඳහා ඔහු ඊයේ රාත්රියේදී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
පිංකම් මාලාවට සහභාගිවීමෙන් අනතුරුව කතානායකවරයා බංග්ලාදේශ ජනපති අබ්දුල් හමීඩ්, විපක්ෂ නායක බෙගම් එර්ෂාඩ් ඇතුළු එරට ඉහළපෙළේ නිලධාරීන් හා සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
2015 වසරේ අගෝස්තු මාසයේදී චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

