පොලීසියේ 11ක් රක්ෂිත බන්ධනාගාරගත කරයි
යුද්ධය පැවැති සමයේදී කන්තලේ භාරතිපුරම්හිදී නිරායුද සිවිල් දමිළ වැසියන් අට දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින දැනට සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරික්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකු ලබන මස හතර වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (04දා) නියෝග කළේය.
නිරායුද දමිළ සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතන කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් පොලිස් සැරයන්වරයෙකු සිදුවීම වූ දිනයේ පොලිස් අධිකාරිවරයෙකු ඉදිරියේ ලබාදුන් සාක්ෂිවලට වඩා පරස්පර අසත්‍ය ප්‍රකාශ ලබාදෙමින් සාක්ෂිදීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ විනිසුරුවරයා දැනට සේවයේ නියුතු විත්තිකරුවන්ගෙන් පැමිණිල්ලේ සාක්ෂිවලට බලපෑමක් එල්ලවිය හැකි බවට නිගමනය කර ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අයුතු ජනරාශියක සමාජිකයන්වී නිරායුද දමිළ සිවිල් වැසියන් අට දෙනෙකු සිරකර තබා වදහිංසා පමුණුවා ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 37ක් යටතේ එවකට සේවයේ නියුතුව සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සමග උප පොලිස් කොස්තාපල්වරුන් ග්‍රාම ආරක්ෂක නිලධාරීන් ඇතුළු 13 දෙනෙකු අනුරාධපුර මහාධිකරණය හමුවේ චෝදනා ලබා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
